රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6900 ක් දක්වා ඉහළට



ඊයේ දිනයේ කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්ථා වුණා.


ඒ අනුව මිය ගිය සමස්ත මරණ සංඛ්‍යාව 222 ක්.


එමෙන්ම ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 525 දෙනෙකු හඳුනා ගැනුණා.


ඔවුන් අතරින් 402 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු 93 දෙනා  වාර්ථා වුණේ බන්ධනාගාර කොවිඩ් පොකුරෙන්.


ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 46,780 වනවා.


වෛරසය ආසාදිත පුද්ගලයින් 638 දෙනෙකු ඊයේ සුවය ලැබූ අතර ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39, 661 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


ආසාදිතයින් 6900 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.


මේ අතර  කොරෝනා එන්නත හරහා අතුරු ආබාධ ඇති වුවහොත් ඊට මුහුණදිය යුතු ආකාරය පිළිබඳ කටයුතු සම්පාදනය කරමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.





No comments

Powered by Blogger.