කොරෝනා ආසාදිත රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන්ගේ සංඛ්‍යාව 7660ක් දක්වා ඉහලට


අද (19) උදෑසන වනවිට මෙරටින් නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 674 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 47 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් 627 දෙනා හඳුනාගෙන ඇත්තේ, දේශීයවයි.


හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 197කි.


ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 165 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 ක් ලෙස වාර්තා වී තිබේ.


අනෙක් ආසාදිතයින් 211 දෙනා හඳුනා ගෙන ඇත්තේ, සෙසු දිස්ත්‍රික්කවලිනි.


මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 53,750ක් වන අතර සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 45,820කි.


තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 7660ක් පමණි.

No comments

Powered by Blogger.