විදෙස් රටවල සිට එන ශ්‍රමිකයින් මුදල් ගෙවා නිරෝධායන වීම අනිවාර්ය නෑ – නාමල්



විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රමිකයින් සියලු දෙනාට රජය යටතේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වීමට අවස්ථාව හිමි වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යවරයා සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් ඉදිරි සතියේ සිට ඉහළ දමන බවයි.


ඒ අනුව මුදල් ගෙවා නිරෝධායන වීම අනිවාර්ය නොවන බව ත් ඔහු සිය පණිවුඩය තුළින් වැඩිදුරටත් දක්වා තිබේ.


විදෙස්ගත ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වීමේ ඇති ගැටලු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දක්වන කැපවීමට ස්තූති වන බව ද නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ටිවිටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් ය.

1 comment:

  1. ආණ්ඩුව ගැන ලැජ්ජයි ඊට වඩා ලැජ්ජයි ගෙදර අයට මුන්ට ඡන්දය දෙන්න කිව්ව ඵකට බංගලි දේශය පාකිස්තානය ඉන්දීය නේපාලය තමුන්ගෙ මිනිසුන් ගන්නවා අපේ ආන්ඩුවෙ හැතිකරේ ඒකෙනුත් ගසා කනවා මිනිස්සුන්ට තමුන්ගෙ රටට යා ගන්න විදිහක් නැහැ

    ReplyDelete

Powered by Blogger.