සිව් වසරක සිර දඬුවම් නියමවූ රන්ජන් රාමණායකට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය අහිමි වන බව නීතිපති දැනුම් දෙයි



අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් සිව් වසරක සිර දඬුවම් නියමවූ රන්ජන් රාමණායක ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය දැරීමට ඔහුට හැකියාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටිනවා.


අධිකරණයට අපහාස කිරිම හේතුවෙන් වසර 04 ක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදීම නිසා රන්ජන් රාමණායක මන්ත්‍රීවරයාට නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරිමට ඉඩ අවකාශ හිමිවන්නේ නැහැ.


No comments

Powered by Blogger.