රුපියලේ අගයෙන් ආර්ථිකයේ ශක්තිය මනින්න බෑ - ඇමති අජිත් නිවාඩ් කබ්රාල්



ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීමක් මේ වනවිට දක්නට ලැබුණ ද, එමගින් මෙරට සාර්ව ආර්ථික තත්ත්වයන් මැනිය නොහැකි බව මුදල් සහ ප්‍රාග්ධන වෙළඳපොල පිලිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.


අමාත්‍යවරයා සඳහන් කළේ රටේ දැන් පවතින ආර්ථික තත්ත්වය අනුව, ඩොලරයක හුවමාරු වටිනාකම රුපියල් 185 ක් පමණ විය යුතු බවයි.


කෙසේ නමුත්, අගය පාවීමට ඉඩ හැරීමත් සමඟ ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 කට ආසන්න වූ අතර, ඊයේ එම අගය සටහන් වූයේ රුපියල් 198 යි ශත 24 ක් ලෙසයි.

No comments

Powered by Blogger.