හන්තානේ ලැගුම්හලක නාන කාමරයක් තුල තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි



කාන්තාවන් දෙදෙනකු සහ තවත් පුද්ගලයෙකු සමඟ හන්තාන ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත පැමිණි පුද්ගලයෙකුගේ මළ සිරුර එහි නාන කාමරයක් තුල තිබී පසුගිය 02 වනදා පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.


මේ සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයා සමඟ ලැඟුම්හලට පැමිණි අනෙක් තිදෙනා ඊයේ (04) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.  


මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් දෙදෙනා සහ පිරිමි පුද්ගලයා වයස අවුරුදු 21- 30 යන වයස් සීමාවල පසුවන බවයි වාර්තා වන්නේ.


නාන කාමරය තුල තිබී සොයාගත් පුද්ගලයාගේ මළ සිරුරේ පචාත් මරණ පරීක්ෂණ කටයුතු අද (05) මහනුවර මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.


පසුගිය 31 වනදා රාත්‍රියේ මෙම පිරිස අදාල ලැඟුම්හල වෙත පැමිණ ඇති අතර පසුගිය දෙවනදා පිරිස ලැඟුම්හලෙන් පිටව ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.


කෙසේ වෙතත් කාන්තාවන් දෙදෙනා සමඟ සිටි එක් පුද්ගලයෙකුගේ මළ සිරුරක් ලැඟුම්හලේ නාන කාමරයක් තුල ඇති බවට දැක ඇති එහි සේවකයින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.


ඒ අනුව පොලසිය පැමිණ සිදුකළ පරික්ෂා කිරීම් වලදී  මිය ගිය පුද්ගලයාගේ සිරුර අසල ලේ පැල්ලම් කිහිපයක් සහ ඔහු වැටී සිටි තැනට ඉහළින් ජනේලයේ රෙදි පටියක්ද ගැට ගසා තිබූ බවට නිරීක්ෂණය වූ බවයි පොලසිය පැවසුවේ.


මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණ මහනුවර පොලසිය විසින් සිදුකරන අතර සැක පිට අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් ප්‍රශ්න කරමින් පවතින බවයි පොලසිය වැඩිදුරටත් සඳහන් කළේ.

No comments

Powered by Blogger.