මාතලේ ජලාශයක ඝාතනය කර තිබියදී සොයා ගත් කළු කොටියාට වස දී ඇති බව හෙළි වෙයි
මාතලේ - ඕවල ප්රදේශයේ කුඩා විදුලි බලාගාරයක ජලාශයක ඝාතනය කර තිබියදී සොයා ගත් මෙරටට ආවේණික කළු කොටියාට කිසියම් අයෙකු විසින් වස දී මරා දමා ඇති බවට මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.
සිද්ධියට අදාළව විදුලි බලාගාරයේ සේවකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ කොටියාගේ දත් ගැලවීමේ චෝදනාව මතයි. ඔවුන් මීට පෙර අත්අඩංගුවට ගෙන දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ද කටයුතු කර තිබෙනවා.
මාතලේ දිස්ත්රික්කය තුළ සිදුවූ දෙවන කළු කොටි ඝාතනය ලෙසයි මෙය සැලකෙන්නේ.
Leave a Comment