පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාට PCR සිදුකිරීමට උපදෙස්




සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණවලට යොමු වන්නැයි, දැනුම් දී තිබේ.


පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන්, ඊයේ(11) පස්වරුවේ සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් බවයි.


හෙට(13) සහ ලබන 15 වැනි දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කර ඇති බ වද, ඔහු ප්‍රකාශ කළේය.


වේත්‍රධාරීවරයා සඳහන් කළේ, එම දිනවලදී මන්ත්‍රීවරුන්, කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට PCR පරීක්ෂණවලට සහභාගී විය හැකි බවයි.


මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව ද, පාර්ලිමේන්තුව සඳහන් කළේය.


ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇතැයි ඊයේ (11) තහවුරු විය.


මීට පෙර රවුෆ් හකීම් සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට ද කොවිඩි ආසාදනය විය.


No comments

Powered by Blogger.