ගෙවුණු දිනයේ වාර්ථා වූ කොරෝනා මරණ 5න් 2ක් නිවස තුළ සිදුවී ඇති බව වාර්තා වෙයි

 



 ගෙවුණු දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 450ක් දක්වා ඉහළ ගියේ ය.

දුනගහ, නුගේගොඩ, මිනුවන්ගොඩ, කොළඹ 12, සහ කොළඹ 13 යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇති අතර මිය ගිය අය අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු වේ.


දුනගහ ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා මරණය 33 හැවිරිදි කාන්තාවකගේ වන අතර ඇය මියගොස් ඇත්තේ, කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.


ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් 19 ආසාදනය සමග උග්‍ර දියවැඩියාව සහ උග්‍ර වකුගඩු ආසාදනයයි.


නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාව 82 වැනි වියේ පසුවී ඇති අතර ඇය මිය ගොස් ඇත්තේ, නිවසේදී ය.


83 හැවිරිදි අනෙක් කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.


කොළඹ – 12 ප්‍රදේශයෙන් තවත් කොරෝනා මරණයක් වාර්තා වී ඇති අතර 69 හැවිරිදි ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් සිට ඇත.


කොළඹ – 13 ප්‍රදේශයෙන් තවත් කොරෝනා මරණයක් වාර්තා වී ඇති අතර 77 හැවිරිදි ඔහු ද මිය ගොස් ඇත්තේ, නිවසේදී ය.

No comments

Powered by Blogger.