මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80000 වෙද්දි මරණ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ යයි



ඊයේ (21) ආසාදිතයින් 519 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 79,999 දක්වා ඉහළ ගියා.


ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 75,923ක්.


දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 5,255 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 843 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 74,299ක් වනවා.


එමෙන්ම, තවත් කොරෝනා මරණ 10 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 445 දක්වා ඉහළ ගියා.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොලොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිල, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩාගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දස දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.


ඔවුන් අවුරුදු 74, 82, 58, 72, 68, 83 සහ 90 යන වයස්වල පසුවනවා.

No comments

Powered by Blogger.