ඇකිරිය - ලුණුගල ප්‍රදේශයේ භූ චලනයක්
ඇකිරිය - ලුණුගල ප්‍රදේශය ආශ්‍රිතව අද අලුයම සුළු සිදුව තිබෙනවා.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල කියා සිටියේ මෙම කම්පනය රික්ටර් මාපක එකට වඩා අඩු අගයක් ලෙස පල්ලෙකැලේ සහ හක්මන ප්‍රදේශවල ස්ථාපිත කර ඇති භූ කම්පන මාපකවල සටහන්ව තිබූ බවයි.
පසුගිය ජනවාරි මස 22 වැනිදාද වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ 1.8 ක සුළු භූ චලනයක් සිදුවුණා.
මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ගම්මානයේ ස්ථාන කිහිපයකටද එම භූ චලන තත්ත්වය දැනී ඇති බවයි වාර්තා වුණේ.
Leave a Comment