වීරසේකර කිලෝ එකනම් මම කිලෝ සියයයි – විමලවීර



සරත් වීරසේකර අමාත්‍යවරයා හා තමා දේශපාලනයේ ඉෂ්ට කළ කාර්යභාරය තරාදියකට දමා සැසඳූවුවහොත් වීරසේකර මහතාගේ බර කිලෝවක් නම් තමාගේ බර කිලෝ සීයක් බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

සරත් වීරසේකර මහතා අම්පාරෙන් පන්නපු කතාව අමූලික බොරුවක් බව ද පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඔහුට කවුරුත් අම්පාරෙන් යන්නට කිව්වේ නැති බව ද සඳහන් කරයි.

යළි දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට එන ලෙස පරාජයෙන් පසු ඔහුට තමන් ඇතුළු පිරිස ආරාධනා කළ බව ද පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඒත් ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද සඳහන් කරයි.

වීරසේකර මහතාගේ අරමුණ වූයේ වෙන එකක් බවත් ඒවා හරිද වැරදි දැයි කීමට තමා සූදානම් නැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔහුව කොළඹින් තරග කිරීමට ගෙන්වා ගත්තේ ජනාධිපතිවරයා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එහෙත් වීරසේකර මහතා කොළඹට පැමිණියේ කැමැත්තකින් නොවන බවත් ඔහුට අවශ්‍යව තිබුණේ තමාවද අම්පාරෙන් පරාජය කිරීමට බව රාජ්‍ය අමාත්‍යවරයා හෙළිදරව් කරයි.


No comments

Powered by Blogger.