ආදරවන්තයින්ගේ දිනයේ පොලීසිටය එන්න කැමති අය නීති විරෝධී සාද වලට සහභාගී වෙන්න




එළඹෙන 14 වනදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය සැමරීම වෙනුවෙන් විවිධ සාද පැවැත්වීමට කටයුතු සංවිධානය සමාජ මාධ්‍ය හරහා සිදුවෙමින් පවතින බව පොලිසිය පවසනවා.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ එවැනි සාද සඳහා විවිධ කණ්ඩායම් එකතුවෙමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති බවයි.


සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව නීති විරෝධීව පවත්වන එවැනි සාද සඳහා පැමිණෙන්නන් සහ එම සාද සංවිධායකයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


ඒ අනුව පොලීසිය තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි සාද සඳහා සහභාගී නොවන ලෙසයි.

No comments

Powered by Blogger.