මෙරට සාමාන්‍ය ජනතාවට එන්නත් ලබාදීම අද සිට





 මෙරට සාමාන්‍ය ජනතාවට එන්නත් ලබාදීම අද සිට කටයුතු සිදුකරනු ලබන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.


මෙරටට ඉන්දියාවෙන් ප්‍රදානයක් වශයෙන් ලැබුණු කොවිඩ් වෛරසයට එරෙහි කොවිෂිල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ දෙකහාමාරක් ඉදිරියේදී සාමාන්‍ය ජනතාවට ලබාදීම සඳහා කටයුතු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම් දීමක් මත  විශේෂඥයින් සමග සාකච්ජා කර මෙම තීරණය ගත් බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.


ඉන්දියාවෙන් ලද කොවිෂිල්ඩ් එන්නත් ලක්ෂ 05 කින් ලක්ෂ දෙකහාමාරක් ඉදිරි කොවිඩ් මර්ධන ක්‍රියාවලියේ ඉදිරිපෙල සිටින සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදාව ඇතුළු කේෂ්ත්‍ර වෙත ලබාදීමට කටයුතු කළ බවත් ඔවුන්ට ලබාදීමට නියමිත සෙසු එන්නත් මාත්‍රාව සති 4-6ත් අතර නොව සති 12කින් පසුව ලබාදිය යුතු බවත් එමගින් වෛරසයට එරෙහි යහපත් ප්‍රථිපලයක් ලබාගත හැකි බවට විශේෂඥ මතය වී ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළා.




No comments

Powered by Blogger.