ඉන්දියාව දුන්න ණය ශ්‍රී ලංකා රජයෙන් හදිස්සියේ නැවත ඉල්ලයි



ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 400ක ‘හුවමාරු ණය’ (SWAQ) ඉන්දියාවට වහාම ආපසු ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පමණක් සංවර්ධනය කරන බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කර පැයක පමණ කාලයක් ඇතුළත ඉන්දියාව විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවුඩයකින් ​මෙම දැනුම්දීම කර තිබෙනවා.


කොවිඩ් වසංගතයෙන් දැඩි බලපෑමට ලක්වූ මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට හා රටේ මූල්‍ය ස්වාධීනත්වය සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම ලබාදීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව (RBI) සමග ගිවිසුම් අත්සන් කරන ලද්දේ 2020 ජූලි මාසයේදීය. මෙම ණය පහසුකම 2022 වසරේ නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබිණි.


 එසේම මෙම ණය මුදල් ආපසු ගෙවීමට සිදුවන්නේ අදාළ කල්පිරීමේ දිනයේ පවතින ඩොලරයේ අගය බැවින් ණය මුදල මේ මොහොතේ ලබාදීමට සිදුවුවහොත් සැලකියයුතු අතිරේක මුදලක් ගෙවීමට සිදුවන බවද වාර්තා වෙනවා.


3 comments:

  1. රඡය අනවශ්‍ය අමාත්‍යංශ සහ කාර්ය්‍යංශ වසා දමා වියදමි කපා හැරිය යුතුය. අධිවෙිගි මාර්ග රඡයට වාහන ගෙනඒම සහ වෙනත් වියදමි කපාහැරිය යුතුය .

    ReplyDelete
  2. Amathi mandala padiya 40% kapa heritage uthui. Parliament eake udasana saha diwa ahara nomile labadeema nawathwiya uthui.meawa aduma washayen eaka auruddakatawath nawathwiya uthui.

    ReplyDelete
  3. Give me a chance to develop Sri Lanka within 2years

    ReplyDelete

Powered by Blogger.