දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අද දිවයිනට



දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (23) දිවයිනට පැමිණීමට නියමිතය.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වනබව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.


පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.


ඉන් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුම්වලට අත්සන් තැබීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.


ඉන් අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හෙට (24) මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ.


අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙම වසරේ රටින් බැහැරව යන පළමු නිල සංචාරය මෙය වේ.


No comments

Powered by Blogger.