ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණයක්
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ශ්‍රී ලංකාව ඉල්ලා තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය මුදල අනුමත වී තිබෙනවා.
චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ උප සභාපති ආචාර්ය ඩී.ජේ. පාන්ඩියන් පසුගිය බ්‍රහස්පතින්දා හමුවූ අවස්ථාවේ ඒ බව තහවුරු කර ඇති බව සඳහන්.
මෙම ණය මුදල සහ අරමුදල් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය පෙබරවාරි 1 වනදාද එම බැංකුවේ සභාපති ජින් ලික්න් සමඟ පවත්වා තිබුණා.
කොරෝනා වසංගත තත්වය හමුවේ බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යථා තත්වයට නංවාලීමට මෙම ණය මුදල් යෙදවීමට අපේක්ෂිතයි.
Leave a Comment