වේල්ල වීදියට රැගෙන ආ හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර හඳුනා ගනී ඝ‍ාතකයා සිය දිවි හානි කර ගනී



ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුර ගමන්බෑගයක දමා වේල්ල වීදියට රැගෙනා බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයා සිය දිවි හානි කරගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.


පොලිස් මාධ්‍ය ප්‍රකකාශවරයා පැවසුවේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ පොලිස් කණ්ඩයම් නිවස වැටලීමට ගිය අවස්ථාවේ ඔහු නිවසින් පළා ඇති බවයි.


අද උදෑසන පොලීසිය කළ සෝදිසි කිරීම්වලදී බඩල්කුඹුර, 5 කණුව ප්‍රදේශයේ නිවසට ආසන්න කෑලෑබද ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබියදී  ඔහුගේ  සිරුර හමු වී තිබේ.


ආසන්නයේ තිබී වස කුප්පියක් ද හමුවී ඇති ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


එමෙන්ම කොළඹ, වේල්ල වීදියේදී ගමන් බෑගයක බහා තිබූ හිස සුන් මළ සිරුර, කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ  පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනා ගෙන ඇත.

No comments

Powered by Blogger.